Translate

3 May 2014

අන්තර්ජාල පොත්

අන්තර්ජාල පොත්
(E-book)
              අන්තර්ජාලය තුළ ලොව ඇති සෑම පොතක්ම පාහ‍ේ ගබඩා කර පවතී. ඔබට අවශ්‍ය ඕනෑම පොතක් නොමිල‍ේ හෝ මුදල් ගෙවා ඔබ්‍ෙ පරිගණක තුළට ලබාගත හැකි වේ. සොයා ගත නොහැකි දුර්ලභ පොත් ඔන්ලයින් ක්‍රමයට කියවීම්‍ෙ අවස්ථාවද ආදී ලෙස වූ පොත්වලට සම්බන්ධ විවිධාකාර සේවා ලබාගත හැකි වෙබ් අන්තර්ජාලය තුළ පවතී.
    අන්තර්ජාලය තුළ ජනප්‍රියම පොත් සාප්පුව වන්න්‍ෙ  www.amazon.com ය. මෙය හරහා ලෝකය‍ේ ඕනෑම පොතක් තමන් වෙත ලබා ගත හැකිව්‍ෙ. 

 
          මේ සඳහා මුදල් ගෙවීමක් කළ යුතු වුවත් සොයා ගැනීමට අපහසු දුර්ලභ පොත් පවා මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිව්‍ෙ. 
          මුද්‍රණය, ප්‍රකාශනය කර ගැනීමට හැකි වන ලෙසින්ම පොත් ලබා දෙන සේවයක් Google Book Seach වෙතින් සපයයි. 



          බුද්ධිමය දේපළ අයිතිය නිම වී ඇති පොත් මුද්‍රණය කර ගත හැකි ලෙසම සකසා තිබීම මඟින් පරිගණකය තුළින් කියවීමට වඩා අවශ්‍ය කෙන‍ෙකුට මුද්‍රණය කර ගත හැකි වීම පහසුවකි.

         අන්තර්ජාලය තුළ බොහ‍ෝ දැනුම් සම්භාරයක් පවතී. ඒ අතරතුර ඉන්දියානු පැරණි සාහිත්‍ය කෘති, වේද ග්‍රන්ථ, මන්ත්‍ර ‍පොත් ආදිය මෙන්ම ලෝකය්‍ෙ බොහ‍ෝ රටවල වටිනා පැරණි කෘති ලබාගත හැකි තවත් වෙබ් අඩවියකි www,scribd.com 



click here & free download E-book :-


ප්‍රශ්නවලට පිළිතුරැ

ප්‍රශ්නවලට පිළිතුරැ අන්තර්ජාලය‍ෙන්

                යම් යම් ප්‍රශ්නවලට තමන්ටම විසඳුම් සොයාගත නොහැකි අවස්ථාවන්වල දී එම ගැටලුව අන්තර්ජාලයට යොමුකර ලොව පුරා දැන උගත් අයග‍ෙන් එයට පිළිතුරැ ලබා ගත හැකි වෙබ් අඩවි අන්තර්ජාලය‍ේ ඇත. www.answers.yahoo.com එවැනි වෙබ් අඩවියකි.

                මෙම වෙබ් අඩවියට පිවිස තම ගැටලු යොමු කිරීමත්, තම ගැටලුවට අදාළ පිළිතුරැ ඇත්නම් ඒවා සොයා බැලීමත් කළ හැකිය. 




හඳහන් බැලීම

අන්තර්ජාලය‍ේ හඳහන් බැලීම
            අන්තර්ජාලය හරහා කේන්ද්‍ර සෑදීම, හඳහන් බැලීම විවිධ ජ්‍යොතිෂ කටයුතු ඉතා ජනප්‍රිය සේවාවකි. 

                 ලෝකය‍ේ විවිධ ගුරැකුලවල ජ්‍යෙතිෂ ක්‍රමව්‍ෙදයන් යටත‍ේ තම පලාපල බලා ගැනීම්‍ෙ අවස්ථාව මෙමඟින් උදාව්‍ෙ. 

                  දිනපතා නොමිල‍ේ ඊ මේල් පණිවිඩයක් මගින් එදින තමාග‍ේ පලාපල නොමිල‍ේ ලබා දෙන වෙබ් අඩවි ද පවතී. 
          චීන ෆෙංෂුයි, ඉන්දීය වෛදික ක්‍රමව්‍ෙදයන්, ලංකාව්‍ෙ හා චූල ජ්‍යෙතිෂ ක්‍රමත්, ඉන්දියානු විවිධ ක්‍රමව්‍ෙදයන් මෙන්ම බටහිර ලෝකය‍ේ විවිධ ජ්‍යෙතිෂ සම්ප්‍රදායන් පිළිබඳ වෙබ් අඩවි දැකගත හැකි වෙයි.  


                    නොමිල‍ේ ඩවුන්ල‍ෝඩ් කර ගැනීම‍ෙන් පසු හඳහන් සැකසීම උද‍ෙසා භාවිතා කළ හැකි ඉතා උසස් මෘදුකාංග ලබා ගත හැකි වෙබ් අඩවි අන්තර්ජාලය තුළ පවතී. මෙල‍ෙස ලබා ගත හැකි මෘදුකාංගයක් ලෙස ජගන්නත් හෝරා මෘදුකාංගය දක්වාලිය හැකිව‍ෙයි.


2 May 2014

වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම

අන්තර්ජාලයට වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම
             අන්තර්ජාලය යනු, නිදහස‍ේ වර්ධනය වන්නක් බව මේ වන විට අප දනිමු. එයට සෑම පුද්ගලය‍ෙකුටම අවශ්‍ය ප්‍රකාශ, රෑප, වීඩිය‍ෝ, හඬ පට ආදී බොහ‍ෝ දේ එක් කිරීම්‍ෙ හැකියාව පවතී. 
        අන්තර්ජාලයට රෑප, වීඩිය‍ෝ ක්ලිප් එක්කල හැකි වෙබ් අඩවි බොහ‍ෝ ප්‍රමාණයක් පවතී. 
      මෙම වෙබ් අඩවි වල පවතින විශේෂත්වය වන්න‍ේ ඕනෑම මාතෘකාවක් යටත‍ේ රෑප, වීඩිය‍ෝ අන්තර්ජාලයට එක්කල හැකිවීමත්, අවශ්‍ය මාතෘකා යටත‍ේ රෑප, වීඩිය‍ෝ සොයාගත හැකි වීමත්ය. 
             ජංගම දුරකථන, ඩිජිටල් කැමරා මඟින් ලබා ගනු ලබන ඡායාරෑප හා වීඩිය‍ෝ ක්ලිප් ඉතා පහසුව‍ෙන් අන්තර්ජාලයට එක් කල හැකිව්‍ෙ.
       අන්තර්ජාලය තුළ වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම හා එක් කරනු ලබන වීඩිය‍ෝ ක්ලිප් නැරඹීම්‍ෙ පහසුකම සහිත ජනප්‍රියතම වෙබ් අඩවිය වන්න‍ේ www.youtube.com වෙබ් අඩවියයි. 

       මෙම වෙබ් අඩවියට පිවිසීම සඳහා ද කලින් වෙබ් අඩවිවලට පිවිසීම්‍ෙ දී ගිණුමක් සාදාගත් ආකාරයට මෙහිදී ද ගිණුමක් සාදාගත් යුතුය.
       ඒ සඳහා Youtube වෙබ් අඩවියට පිවිසීමන් පසු එහි ඉහළින් ඇති sign up යන්න click කිරීම‍ෙන් නව ගිණුමක් සාදා ගැනීම සඳහා අවශ්‍ය වින්ඩ‍ෝව ලබා ගත හැකිව්‍ෙ.

            නිවැරදි ලෙස තොරතුරැ ලබා දීම‍ෙන් පසු අපග්‍ෙ ඊ මේල් ලිපිනය තහවුරැ කර ගැනීම සඳහා ලිපිනය ලැබ්‍ෙ. එම ලිපිය ඉක්මනින්ම ලැබ‍ණු බව තහවුරැ කළ යුතුය. එල‍ෙස තහවුරැ කිරීම‍ෙන් පමණක් Youtube ගිණුම සක්‍රීය වේ. 
      අපග‍ේ වීඩිය‍ෝ ක්ලිප් එකක් මෙම වෙබ් අඩවිය තුළට එක් කිරීම සඳහා එකවුන්ට් එක සාදා ගැනීම‍ෙන් පසු Youtube වෙබ් අඩවිය තුළ ඇති uplode යන බොත්තම එබීම‍ෙන් එයට අදාළ වෙබ් පිටුව විවෘත කළ හැකිව්‍ෙ. 

         එහිදී තම වීඩිය‍ෝ එකට අදාළ විස්තර ලබා දීම‍ෙන් පසු පහළින් ඇති uploade a video යන බොත්තම එබිය යුතුය. එවිට ලැබ‍ෙන වින්ඩ‍ෝව මඟින් පරිගණකය තුළ ඇති වීඩිය‍ෝ ෆයිල් සොයා ගත හැකි වන අතර අවශ්‍ය ෆයිල් එක තෝරා ගැනීම‍ෙන් පසු uploade video යන බොත්තම එබීම‍ෙන් එය වෙබ් අඩවියට එක්ව්‍ෙ. ඒ බව දැක්ව‍ෙන වින්ඩ‍ෝවක් මතු වෙයි. 



        මෙම වෙබ් අඩවියට වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම්‍ෙදී රෑපවාහිනී වල වැඩසටහන් හෝ අනුමැතියකින් තොරව අන් අයග‍ේ වීඩීය‍‍ෝ ක්ලිප් එක් නොකරන ලෙස වෙබ් අඩවිය විසින් දක්වා සිටියි. 
        ඉන් පසු My videos යන විධානය ක්ලික් කර තමන්ග‍ේ වීඩිය‍ෝ ලැයිස්තුව නැරඹිය හැකිය. 
එහිදී වීඩිය‍‍ෝ පටය ධාවනය කිරීම, එඩිට් කිරීම, මකා දැමීම කළ හැකිව්‍ෙ.

අන්තර්ජාල දින පොත

අන්තර්ජාලය‍ේ දින පොත් ලිවීම
    අන්තර්ජාලය‍ේ අලුත්ම ප්‍රවණතාවය වන්නේ Blog ලිවීමයි. Blog එකක් දිනපොතක් ලිවීම ලෙසද සැලකිය හැකිව්‍ෙ. නැතහ‍ොත් එය සාමාන්‍ය මිනිසුන් විසින් ප්‍රසිද්ධ කරන ප්‍රවෘත්ති ද මෙම Blog යටතට ගත හැකිව්‍ෙ.                සාමාන්‍යය‍ෙන් Blog එකක් තුළට තමන් විසින්  ගත් ඡායාරෑප, තමන්ග‍ේ පෞද්ගලික තොරතුරැ, ප්‍රසිද්ධ කිරීමට සුදුසු නුසුදුසු සියලු දේ එක් කරයි.
             වර්තමානය වන විට MSN, Yahoo, Google වැනි වෙබ් අඩවි තුළින් ද නොමිල‍ේ Blog ලිවීම සඳහා ඉඩ ලබා දෙයි. 
    අන්තර්ජාලය‍ තුළ ජනප්‍රිය බ්ල‍ොගින් වෙබ් අඩවියක් වන්න‍ේ www.blogger.com ය. මෙහි ඕනෑම අය‍ෙකුට නොමිල‍ේ Blog ලිවීම සඳහා ඉඩ සපයයි. 
              Blogger වෙබ් අඩවිය විවෘත කර ගැනීමෙන් පසු create your blog now යන බොත්තම එබීම‍ෙන් තමන්ටම Blog එකක් සාදා ගැනීමට අවස්ථාව උදා වේ. 

             Blogger වෙබ් අඩවියට පිවිසීම සඳහා මුර පද හා User name ලබා දී ගිණුමක් සකසා ගත යුතු වේ. මෙහි පවතින විශ‍ේෂත්වය වන්න‍ේ Google ආයතනය මඟින් සපයන බොහ‍ෝ සේවා ලබා ගැනීම සඳහා මෙම ගිණුම උපකාරී වීමයි. 

        තමන්ග‍ේ Blog එක සඳහා මාතෘකාවක් හා Blog එක සඳහා ලිපිනය සැකසීම සිදු කළ යුතුය. 


       Blog එකක් දිස් වන ආකාරය අදාළ ටෙම්ප්ල‍ේට් තෝරා ගැනීම සඳහා ටෙම්ප්ල‍ේට් කිහිපයක් ලබා දෙයි. එයින් කැමති ටෙම්ප්ල‍ේට් එකක් තෝරා ගත හැකි වෙයි. 


       මෙල‍ෙස සැකසුම් සිදු කර ගැනීම‍ෙන් පසු Blog ලිවීම ඇරඹිය හැකි බවට සඳහන් වින්ඩ‍ෝවක් මතුව‍ෙයි. 


         අකුරැ වර්ගය, ප්‍රමාණ, රෑප හා වීඩිය‍ෝ ක්ලිප් එක් කළ හැකි විධාන අඩංගු වර්ඩ්වලට සමාන වින්ඩ‍ෝවක් මතුව්‍ෙ.

      මෙම වින්ඩ‍ෝව තුළ තමන්ට අවශ්‍ය දෙයක් ලියා පළ කළ හැකි වෙයි. එය ගබඩා කර තබා ගැනීමත්, මහජන ප්‍රසිද්ධිය සඳහා අන්තර්ජාලයට මුදාහැරීමත් සිදු කළ හැකි වෙයි.
අන්තර්ජාලය තුළ ඇති බ්ල‍ොග් Google Blog Serch හරහා සොයාග‍ෙන කියවිය හැකිය. www.google.com/blogsearch‎

       තමන්ට අවශ්‍ය මාතෘකාවක් යටත‍ේ මෙම සෙවීම කළ හැකි අතර එයට අදාළව ලියවී ඇති බ්ල‍ොග් පෙන්වනු ලබයි. එම ලැයිස්තුව තුළින් අවශ්‍ය බ්ල‍ොග් විවෘත කර බැලිය හැකි වෙයි.

සාමාන්‍ය දින පොතකදී මෙන් දිනපතා කෙටි වැකි වලින් ලියන බ්ල‍ොග් "මයික‍්‍රොබ්ල‍ොග්" ලෙස හැඳින්ව්‍ෙ. එවැනි මයික‍්‍රොබ්ල‍ොග් ලිවීම වෙනමම වෙබ් අඩවි පවතී. එවිනි වෙබ් අඩවි අතරින් ජනප්‍රියම වෙබ් අඩවිය වන්න‍ේ www.pownce.com


Skpye දුරකථන ඇමතුම්


අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් ලබා ගැනීම:
    IDD සම්බන්ධතාව නොමැතිව ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා වර්තමානය‍ේ දී බහුල ලෙස භාවිතා කරන්න‍ේ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් ලබා ගැනීම්‍ෙ ක්‍රමයයි.
  මෙම වොයිස් ඕවර් ඉන්ටර්න‍ෙට් ප්‍රොට‍ෝක‍ෝල් (VOIP) නැතහ‍ොත් ඉන්ටර්න‍ෙට් ටෙලිෆ‍ෝන් ලෙස හඳුන්වයි.
  අන්තර්ජාලය හරහා දුරකථන පහසුකම් ලබා ගැනීමට මයික්‍රෝෆ‍ෝනයක් සහ ස්පීකර් එකක් අවශ්‍ය වෙයි. වෙබ් කැම් එකක් පවතී නම් රෑප සහිතව දුරකථන (වීඩිය‍ෝ කෝල්) ඇමතුම් ලබා ගත හැකි වෙයි. ඉන්ටර්න‍ෙට් කෝල් වර්ග දෙකක් යටත‍ේ ලබා ගත හැකිව්‍ෙ.

  1. PC to PC- පරිගණකය‍ෙන් පරිගණකයට 
  2. PC to Phone- පරිගණකය‍ෙන් දුරකථනයට 
     මෙම ඉන්ටර්න‍ෙට් දුරකථන ඇමතුම්වල පවතින විශ‍ේෂත්වය වන්නේ සාමාන්‍ය අන්තර්ජාල ගව්‍ෙෂණ සඳහා වැය වන මුදල පමණක් වැය වීමයි. දුරකථන ඇමතුම් සඳහා කිසිදු මුදලක් වැය නොව්‍ෙ.

  ඉන්ටර්න‍ෙට් දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා මෘදුකාංගයක් පරිගණකය තුළ පිහිටුවිය යුතුය. සාමාන්‍යය‍ෙන් මැස‍ෙන්ජර් මෘදුකාංග මඟින් මෙම දුරකථන ඇමතුම් ලබා ගත හැකිව්‍ෙ. බහුල වශය‍ෙන් ඉන්ටර්න‍ෙට්  දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා භාවිතා වන මෘදුකාංග වනුය‍ේ Skype හා Net 2 Phone ය. 

Skype මෘදුකාංගය මඟින් දුරකථන ඇමතුම ගැනීම:
      Skype මෘදුකාංගය පරිගණකය තුළ පිහිටු වීම‍ෙන් පසු Skype වෙබ් අඩවිය තුළ තමන්ට ගිණුමක් සාදා ගත යුතු වේ. 


    මෙල‍ෙස එකවුන්ට් එකක් සාදා ගැනීම‍ෙන් පසු Skype මෘදුකාංගය තුළට පිවිසිය හැකිය.  

Skype මෘදුකාංගය විවෘත වන විට දුරකථන ඇමතුම් ලබා ගැනීම සම්බන්ධව උපද‍ෙස් ලබා දෙයි. 




 

දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා Dial tab එක තුළ ඇති එක් එක් රටට අදාළ Country code එක තෝරා ගත යුතුය.
     ඉන්පසු තමන්ට දුරකථන ඇමතුම ලබා දිය යුතු දුරකථන අංකය සඳහන් කර පහළින් ඇති Dial යන බොත්තම එබිය යුතුය.
        Skype තුළ තමන්ට අවශ්‍ය පරිදි Contacts ලැයිස්තුවක් සකසා ගත හැකිය. ඒ සඳහා Add contact බොත්තම එබීම‍ෙන් සංවාද කොටුවක් මතුවන අතර එහි අදාළ රට, මිතුරාග‍ේ නම හා 
දුරකථන අංකය ඇතුළු කර Add Number බොත්තම එබීම‍ෙන් එය ලැයිස්තුවට එක්ව‍ෙයි. 

    මෙම මෘදුකාංගය හරහා පරිගණකයකින් 
පරිගණකයකට ඇමතුම් ලබා ගැනීම්‍ෙ දී එම අවස්ථාව්‍ෙ පරිගණක දෙකම ක්‍රියාත්මක වී අදාල මෘදුකාංගය හරහා ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය.
      වෙබ් කැමරාවක් භාවිතා කිරීම තුළින් 
වෙබ් කන්ෆරන්ස් පහසුකම ද මෙමඟින් සලසා ගත හැකිව්‍ෙ. 
දුරකථන පහසුකමට අමතරව කෙටි පණිවිඩ (SMS) යැවීම සඳහා ද ‍ම‍ෙහි පහසුකම් පවතී. Send SMS බොත්තම එබීම‍ෙන් එම පහසුකම ලබා ගත හැකිව්‍ෙ. 

29 April 2014

ගවේෂණ මෘදුකාංග

අන්තර්ජාල ගවේෂණය සඳහා මෘදුකාංග :-
       අන්තර්ජාලයට පිවිසීම සඳහා පරිගණකය සකස් කර ගැනීම‍ෙන් හා අන්තර්ජාල සේවා සපයන ආයතන (ISP) හා සබඳතාවයක් ලබා ගැනීම ප්‍රමාණවත් නොව්‍ෙ.
       ඒ සඳහා Browser (බ්‍රවුසරයක්) අවශ්‍ය වේ. ලෝක ව්‍යාප්ත ජාලය්‍ෙ ඇති වෙබ් පිටුවල ඇති රෑප හා පාඨ තම පරිගණකය‍ේ තිරය මතින් දැකගත හැකි ආකාරයට සකස් කිරීමට භාවිත වන වැඩසටහන් බ්‍රවුසරය ලෙස හැඳින්විය හැකිය.
       පරිගණකය උපයෝගී කරගෙන ලෝක ව්‍යාප්ත ජාලයට සම්බන්ධ වී සිටීම හඳුන්වනුය‍ේ ද web browsing යනුව‍ෙනි. ලොව ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් ගණනාවක් පවතී.
    වින්ඩ‍ෝස් මෙහ‍ෙයුම් පද්ධතිය සමඟ නොමිල‍ේ ලැබ‍ෙන වෙබ් බ්‍රවුසරය Internet Explorer ලෙස නම් කර ඇත.
   
ලොව වැඩි වශය‍ෙන් භාවිතා කරන වෙබ් බ්‍රවුසරය වන්න‍ේ ඉන්ටර්න‍ෙට් එක්ස්ප්ල‍ෝරර්. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 73.1% කි. වෙබ් බ්‍රවුසරයකින් සිදුවනුය‍ේ අප ඉල්ලා සිටින අදාළ වෙබ් පිටු දුරස්ථ පරිගණකයකින් සොයා පරිගණකය තුළට ලබා දීමයි.
       සාමාන්‍යය‍ෙන් අන්තර්ජාලය තුළ විවිධ පරිගණක භාෂාවන්ග‍ෙන් සකසා ඇති වෙබ් පිටු අපට බලා ගත හැකි පොදු තත්වයකට සැකසීම්‍ෙ කාර්යය මෙම බ්‍රවුසරයක් හරහා සිදුව්‍ෙ. 
         Internet Explorer බ්‍රවුසරයට අමතරව තවත් ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් විශාල ප්‍රමාණයක් පවතී

නෙට්ස්ක්‍ෙප් නැවිග‍ේටර්
(Netscape Navigator)

   ලෝකය‍ේ වැඩිය‍ෙන්ම ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරය මෙයයි. එහ‍ෙත් අද වන විට එම ආයතනය තාක්ෂණ සහය ලබා දීම පවා නවතා  දමා තිබ්‍ෙ. එයට හේතුව ඉන්ටර්න‍ෙට් එක්ස්ප්ල‍ෝරර් හී ජනප්‍රියත්වයයි.http://browser.netscape.com

මොසිල්ලා ෆයර් ෆොක්ස්
(Mozilla fire fox)
   වේගය‍ෙන් ජනප්‍රිය වෙමින් එන වෙබ් බ්‍රවුසරය ලෙස සලකනුය‍ේ මෙයයි. අද වන විට ෆයර් ෆෙක්ස් හි සිංහල සංස්කරණයක් ද නිකුත් වී පවතී. 19.03% ක ප්‍රතිශතයක් මෙය භාවිතා කරයි. 

ෆ්ල‍ොක් සමාජ වෙබ් බ්‍රවුසරය
(Flock Social Browser)
   සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකට වඩා වැඩි කාර්යයන් රැසක්ම මෙම බ්‍රවුසරය මඟින් සිදුකර ගත හැක. en.kioskea.net/download/download-501-flock-browser‎


att-pogo web browser
මෙම වෙබ් බ්‍රවුසරය ත්‍රිමාණ (3D) පෙනුම සහිතව නිර්මාණය කර ඇති බ්‍රවුසරයකි. මෙම බ්‍රවුසරය වැඩි වශය‍ෙන්ම ඉලක්ක කර ඇත්ත්‍ෙ වින්ඩ‍ෝස් විස්ටා මෙහ‍ෙයුම් පද්ධතිය භාවිතා කරන්නන්ය.https://torrentz.eu/dde9b7d6d01280375fea30715ad2226fb3a5443f‎

ස්පෙස්ටයිම් බ්‍රවුසරය
(Space Time)
   වෙබ් පිටු ත්‍රිමාණව පෙන්වන වෙබ් බ්‍රවුසරයකි. මෙය සම්පූර්ණය‍ෙන්ම වින්ඩ‍ෝස් විස්ටාහි පෙනුමට සමානව නිර්මාණය කර ඇත. එහෙත් XP තුළ මෙය සාර්ථකව ක්‍රියා කරයි.
  www.spacetime.com වෙබ් අඩවියෙන් මෙය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

සෆරි
(Safari)

අැපල් මැකින්ටොෂ් පරිගණක ඉලක්ක කරගෙන නිර්මාණය වූ මෙම බ්‍රවුසරය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී ඉන්ටර්නෙට් එක්ස්ප්ල‍ෝරර් බ්‍රවුසරය ම‍ෙන් දෙගුණයක් වේගය‍ෙන් ක්‍රියාත්මක වෙයි. දැනට ලෝකය‍ේ තුන්වන තැන සිටින්න‍ේ මෙම බ්‍රවුසරයයි. මෙම බ්‍රවුසරය www.apple.comsafari යන වෙබ් අඩවිය‍ෙන් ලබා ගත හැකිය.

ගූගල් ක්ර‍ොම්
(Google Chrome) 
   වේගවත් බවින් වැඩි ග්‍රැෆික්ස් සහ මල්ටිමීඩියා වෙබ් පිටු ඉතා වේගය‍ෙන් ඩවුන්ල‍ෝඩ් කර ගත හැකි වෙබ් බ්‍රවුසරයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 2008 සැප්තැම්බර් මාසය‍ේ දී එළිය දුටු මෙම බ්‍රවුසරය තුළ නිශ්චිත ෆෝම් පේජ් එකක් නැති අතර ඒ වෙනුවට තමන් නිතර යන වෙබ් අබවි වල තම්බ්න‍ෙල් විව් එකකින් එය පිරී පවතී. එය එම වෙබ් අඩවිය වෙත පිවිසීම ඉතා ඉක්මන් වීමට එක් හේතුවකි. 


   ලොව සියලුම වෙබ් බ්‍රවුසරවලට වඩා ආරක්ෂාව අතින් ඉහළම බ්‍රවුසරය මෙය බව එහි නිෂ්පාදකය‍ෝ පවසති. 

28 April 2014

විද්‍යුත් තැපෑල (E-mail)

විද්‍යුත් තැපෑල (E-mail)

    අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය අද ලෝකය‍ේ බහුතර පිරිසකට නැතුවම බැරි හිතවත‍ෙකුටත් වඩා සමීප වී අවසන්ය. ලෝක ව්‍යාප්ත ජාෙය‍ෙන් නෙලාගත හැකි ඵල ප්‍රය‍ෝජන මෙපමණකැයි කියා නිම කළ නොහැක. ලෝක ව්‍යාප්ත ජාලය‍ේ ඵල ප්‍රය‍ෝජන පිළිබඳ ලාංකිකයින් වශය‍ෙන් අප ලබා ගනුය‍ේ ඉතා අල්ප ප්‍රමාණයක්ය. 


ඊම්‍ෙල් (E-mail) යනු මොනවාද?
         ලෝක ව්‍යාප්ත ජාලය‍ේ තැපෑල ලෙස සැලක‍ෙන්න‍ේ මෙයයි. අන්තර්ජාලය හරහා දිනකට හුවමාරැ වන E-mail ප්‍රමාණය 6,000,000,000 කි.
              ඇත්ත වශය‍ෙන්ම E-mail එකක් යනු එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට යොමු කළ හැකි ඉල‍ෙක්ට්‍රොනික් ලියවිල්ලකි. මෙම Email පණිවිඩය එක්වර ලෝකය පුරා පරිගණක විශාල ප්‍රමාණයකට යොමු කළ හැක.

Yahoo ඊ මේල් ගිණුමක් සැකසීම
               E-mail සේවා නොමිලේ සපයන වෙබ් අඩවි බොහ‍ෝමයක් අන්තර්ජාලය තුළ පවතී. Yahoo එවැනි සේවා සපයන ලොව ප්‍රධානතම වෙබ් අඩවියයි. මෙවැනි වෙබ් අඩවියක් මඟින් E-mail සේවා ලබා ගැනීම සඳහා අදාළ වෙබ් අඩවියට පිවිස එහි රෙජිස්ටර් විය යුතු අතර නොමිල‍ේ E-mail ලිපිනයක් ලබා ගත හැකිව්‍ෙ. Yahoo තුළ E-mail ලිපිනයක් පිහිටුවා ගන්නා අන්දම සලකා බලමු.
  1. ඔබග‍ේ අන්තර්ජාල සබඳතාව ක්‍රියාත්මක කරන්න.

  2. වෙබ් බවුසරය හරහා www.yahoo.com වෙබ් ඩිර‍ෙක්ටියට පිවිස‍ෙන්න. 
  3. වෙබ් පිටුව විවෘත වීම‍ෙන් පසු එහි ඉහළ දකුණු කෙළවරේ ඇති free mail: sign up යන්න click කරන්න. 
  4. ඉන්පසු ඔබග‍ේ විස්තර ලබා දීම සඳහා අවස්ථාව උදා වෙයි. 

  5. විස්තර ලබා දෙන අතර ඔබට අවශ්‍ය E-mail ලිපිනයක් සකස් කර ගැනීම්‍ෙ අවස්ථාව ලැබ්‍ෙ. ඔබට භාවිත කළ හැකි E-mail ලිපින කිහිපයක් ලබා ද‍ෙන අතර ඉන් එකක් තෝරා ගැනීම සිදු කළ හැකිය.විශ‍ේෂ නමක් යොදා E-mail ලිපිනය සකස් කර ගැනීමට අවශ්‍ය නම් Yahoo ID & E-mail යන කොටස තුළ අවශ්‍ය නම සඳහන් කර check යන බොත්තම එබීම‍ෙන් එම නමට සමාන වෙනත් ඊ මේල් ලිපිනයක් පවතී ද යන්න විමසිය හැකිව්‍ෙ. එවැනි නමක් නොමැති නම් එම ලිපිනය භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙයි.
  6. සියලු විස්තර ලබා දීම‍ෙන් පසු පහළින් ඇති Type the code shown  නම් කොටුව තුළ ඊට පහළින් ඇති code එක ටයිප් කළ යුතුය. සමහර විට එය අවස්ථා කිහිපයක දී කළ යුතුව්‍ෙ. 



  7. ඉන්පසු Yahoo ආයතනය‍ේ නීති රීතිවලට එකඟ වන බවට එහි ඇති ‍චෙක් බොක්ස් එක සලකුණු කළ යුතුය.
  8. සියලු තොරතුරැ නිවැරදිව ලබා දීම‍ෙන් පසු E-mail ලිපිනයක් Yahoo මඟින් ලබා ගත හැකිව්‍ෙ. එම ලිපිනයට අදාළ විස්තර තිරය‍ේ දැකගත හැකිව්‍ෙ. 

       ඉහත තොරතුරැ ඇතුළු කිරීම්‍ෙදී Password එක සඳහා අමතක නොවන අංකයක් හෝ නමක් ලබා දිය යුතුය.
     
        Password එක නැති වීමකදී එය නැවත ලබා ගැනීම සඳහා අසන පැනය‍ තෝරා ගැනීම්‍ෙ අවස්ථාව ලැබ‍ෙන අතර ඒ සඳහා සැපයූ පිළිතුර ද මතක තබා ගත යුතුව්‍ෙ.