විද්‍යුත් තැපෑල (E-mail)
අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය අද ලෝකයේ බහුතර පිරිසකට නැතුවම බැරි හිතවතෙකුටත් වඩා සමීප වී අවසන්ය. ලෝක ව්‍යාප්ත ජාෙයෙන් නෙලාගත හැකි ඵල ප්‍රයෝජන මෙපමණකැයි කියා නිම කළ නොහැක. ලෝක ව්‍යාප්ත ජාලයේ ඵල ප්‍රයෝජන පිළිබඳ ලාංකිකයින් වශයෙන් අප ලබා ගනුයේ ඉතා අල්ප ප්‍රමාණයක්ය.
ඊම්‍ෙල් (E-mail) යනු මොනවාද?
ලෝක ව්‍යාප්ත ජාලයේ තැපෑල ලෙස සැලකෙන්නේ මෙයයි. අන්තර්ජාලය හරහා දිනකට හුවමාරැ වන E-mail ප්‍රමාණය 6,000,000,000 කි.ඇත්ත වශයෙන්ම E-mail එකක් යනු එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට යොමු කළ හැකි ඉලෙක්ට්‍රොනික් ලියවිල්ලකි. මෙම Email පණිවිඩය එක්වර ලෝකය පුරා පරිගණක විශාල ප්‍රමාණයකට යොමු කළ හැක.
Yahoo ඊ මේල් ගිණුමක් සැකසීම
E-mail සේවා නොමිලේ සපයන වෙබ් අඩවි බොහෝමයක් අන්තර්ජාලය තුළ පවතී. Yahoo එවැනි සේවා සපයන ලොව ප්‍රධානතම වෙබ් අඩවියයි. මෙවැනි වෙබ් අඩවියක් මඟින් E-mail සේවා ලබා ගැනීම සඳහා අදාළ වෙබ් අඩවියට පිවිස එහි රෙජිස්ටර් විය යුතු අතර නොමිලේ E-mail ලිපිනයක් ලබා ගත හැකිව්‍ෙ. Yahoo තුළ E-mail ලිපිනයක් පිහිටුවා ගන්නා අන්දම සලකා බලමු.
- ඔබගේ අන්තර්ජාල සබඳතාව ක්‍රියාත්මක කරන්න.
- වෙබ් බවුසරය හරහා www.yahoo.com වෙබ් ඩිරෙක්ටියට පිවිසෙන්න.
- වෙබ් පිටුව විවෘත වීමෙන් පසු එහි ඉහළ දකුණු කෙළවරේ ඇති free mail: sign up යන්න click කරන්න.
- ඉන්පසු ඔබගේ විස්තර ලබා දීම සඳහා අවස්ථාව උදා වෙයි.
- විස්තර ලබා දෙන අතර ඔබට අවශ්‍ය E-mail ලිපිනයක් සකස් කර ගැනීම්‍ෙ අවස්ථාව ලැබ්‍ෙ. ඔබට භාවිත කළ හැකි E-mail ලිපින කිහිපයක් ලබා දෙන අතර ඉන් එකක් තෝරා ගැනීම සිදු කළ හැකිය.විශේෂ නමක් යොදා E-mail ලිපිනය සකස් කර ගැනීමට අවශ්‍ය නම් Yahoo ID & E-mail යන කොටස තුළ අවශ්‍ය නම සඳහන් කර check යන බොත්තම එබීමෙන් එම නමට සමාන වෙනත් ඊ මේල් ලිපිනයක් පවතී ද යන්න විමසිය හැකිව්‍ෙ. එවැනි නමක් නොමැති නම් එම ලිපිනය භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙයි.
- සියලු විස්තර ලබා දීමෙන් පසු පහළින් ඇති Type the code shown නම් කොටුව තුළ ඊට පහළින් ඇති code එක ටයිප් කළ යුතුය. සමහර විට එය අවස්ථා කිහිපයක දී කළ යුතුව්‍ෙ.
- ඉන්පසු Yahoo ආයතනයේ නීති රීතිවලට එකඟ වන බවට එහි ඇති චෙක් බොක්ස් එක සලකුණු කළ යුතුය.
- සියලු තොරතුරැ නිවැරදිව ලබා දීමෙන් පසු E-mail ලිපිනයක් Yahoo මඟින් ලබා ගත හැකිව්‍ෙ. එම ලිපිනයට අදාළ විස්තර තිරයේ දැකගත හැකිව්‍ෙ.
ඉහත තොරතුරැ ඇතුළු කිරීම්‍ෙදී Password එක සඳහා අමතක නොවන අංකයක් හෝ නමක් ලබා දිය යුතුය.
Password එක නැති වීමකදී එය නැවත ලබා ගැනීම සඳහා අසන පැනය තෝරා ගැනීම්‍ෙ අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා සැපයූ පිළිතුර ද මතක තබා ගත යුතුව්‍ෙ.






No comments:
Post a Comment