Translate

2 May 2014

Skpye දුරකථන ඇමතුම්


අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් ලබා ගැනීම:
    IDD සම්බන්ධතාව නොමැතිව ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා වර්තමානය‍ේ දී බහුල ලෙස භාවිතා කරන්න‍ේ අන්තර්ජාලය හරහා දුරකථන ඇමතුම් ලබා ගැනීම්‍ෙ ක්‍රමයයි.
  මෙම වොයිස් ඕවර් ඉන්ටර්න‍ෙට් ප්‍රොට‍ෝක‍ෝල් (VOIP) නැතහ‍ොත් ඉන්ටර්න‍ෙට් ටෙලිෆ‍ෝන් ලෙස හඳුන්වයි.
  අන්තර්ජාලය හරහා දුරකථන පහසුකම් ලබා ගැනීමට මයික්‍රෝෆ‍ෝනයක් සහ ස්පීකර් එකක් අවශ්‍ය වෙයි. වෙබ් කැම් එකක් පවතී නම් රෑප සහිතව දුරකථන (වීඩිය‍ෝ කෝල්) ඇමතුම් ලබා ගත හැකි වෙයි. ඉන්ටර්න‍ෙට් කෝල් වර්ග දෙකක් යටත‍ේ ලබා ගත හැකිව්‍ෙ.

  1. PC to PC- පරිගණකය‍ෙන් පරිගණකයට 
  2. PC to Phone- පරිගණකය‍ෙන් දුරකථනයට 
     මෙම ඉන්ටර්න‍ෙට් දුරකථන ඇමතුම්වල පවතින විශ‍ේෂත්වය වන්නේ සාමාන්‍ය අන්තර්ජාල ගව්‍ෙෂණ සඳහා වැය වන මුදල පමණක් වැය වීමයි. දුරකථන ඇමතුම් සඳහා කිසිදු මුදලක් වැය නොව්‍ෙ.

  ඉන්ටර්න‍ෙට් දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා මෘදුකාංගයක් පරිගණකය තුළ පිහිටුවිය යුතුය. සාමාන්‍යය‍ෙන් මැස‍ෙන්ජර් මෘදුකාංග මඟින් මෙම දුරකථන ඇමතුම් ලබා ගත හැකිව්‍ෙ. බහුල වශය‍ෙන් ඉන්ටර්න‍ෙට්  දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා භාවිතා වන මෘදුකාංග වනුය‍ේ Skype හා Net 2 Phone ය. 

Skype මෘදුකාංගය මඟින් දුරකථන ඇමතුම ගැනීම:
      Skype මෘදුකාංගය පරිගණකය තුළ පිහිටු වීම‍ෙන් පසු Skype වෙබ් අඩවිය තුළ තමන්ට ගිණුමක් සාදා ගත යුතු වේ. 


    මෙල‍ෙස එකවුන්ට් එකක් සාදා ගැනීම‍ෙන් පසු Skype මෘදුකාංගය තුළට පිවිසිය හැකිය.  

Skype මෘදුකාංගය විවෘත වන විට දුරකථන ඇමතුම් ලබා ගැනීම සම්බන්ධව උපද‍ෙස් ලබා දෙයි. 




 

දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා Dial tab එක තුළ ඇති එක් එක් රටට අදාළ Country code එක තෝරා ගත යුතුය.
     ඉන්පසු තමන්ට දුරකථන ඇමතුම ලබා දිය යුතු දුරකථන අංකය සඳහන් කර පහළින් ඇති Dial යන බොත්තම එබිය යුතුය.
        Skype තුළ තමන්ට අවශ්‍ය පරිදි Contacts ලැයිස්තුවක් සකසා ගත හැකිය. ඒ සඳහා Add contact බොත්තම එබීම‍ෙන් සංවාද කොටුවක් මතුවන අතර එහි අදාළ රට, මිතුරාග‍ේ නම හා 
දුරකථන අංකය ඇතුළු කර Add Number බොත්තම එබීම‍ෙන් එය ලැයිස්තුවට එක්ව‍ෙයි. 

    මෙම මෘදුකාංගය හරහා පරිගණකයකින් 
පරිගණකයකට ඇමතුම් ලබා ගැනීම්‍ෙ දී එම අවස්ථාව්‍ෙ පරිගණක දෙකම ක්‍රියාත්මක වී අදාල මෘදුකාංගය හරහා ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය.
      වෙබ් කැමරාවක් භාවිතා කිරීම තුළින් 
වෙබ් කන්ෆරන්ස් පහසුකම ද මෙමඟින් සලසා ගත හැකිව්‍ෙ. 
දුරකථන පහසුකමට අමතරව කෙටි පණිවිඩ (SMS) යැවීම සඳහා ද ‍ම‍ෙහි පහසුකම් පවතී. Send SMS බොත්තම එබීම‍ෙන් එම පහසුකම ලබා ගත හැකිව්‍ෙ. 

No comments:

Post a Comment