Translate

29 April 2014

ගවේෂණ මෘදුකාංග

අන්තර්ජාල ගවේෂණය සඳහා මෘදුකාංග :-
       අන්තර්ජාලයට පිවිසීම සඳහා පරිගණකය සකස් කර ගැනීම‍ෙන් හා අන්තර්ජාල සේවා සපයන ආයතන (ISP) හා සබඳතාවයක් ලබා ගැනීම ප්‍රමාණවත් නොව්‍ෙ.
       ඒ සඳහා Browser (බ්‍රවුසරයක්) අවශ්‍ය වේ. ලෝක ව්‍යාප්ත ජාලය්‍ෙ ඇති වෙබ් පිටුවල ඇති රෑප හා පාඨ තම පරිගණකය‍ේ තිරය මතින් දැකගත හැකි ආකාරයට සකස් කිරීමට භාවිත වන වැඩසටහන් බ්‍රවුසරය ලෙස හැඳින්විය හැකිය.
       පරිගණකය උපයෝගී කරගෙන ලෝක ව්‍යාප්ත ජාලයට සම්බන්ධ වී සිටීම හඳුන්වනුය‍ේ ද web browsing යනුව‍ෙනි. ලොව ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් ගණනාවක් පවතී.
    වින්ඩ‍ෝස් මෙහ‍ෙයුම් පද්ධතිය සමඟ නොමිල‍ේ ලැබ‍ෙන වෙබ් බ්‍රවුසරය Internet Explorer ලෙස නම් කර ඇත.
   
ලොව වැඩි වශය‍ෙන් භාවිතා කරන වෙබ් බ්‍රවුසරය වන්න‍ේ ඉන්ටර්න‍ෙට් එක්ස්ප්ල‍ෝරර්. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 73.1% කි. වෙබ් බ්‍රවුසරයකින් සිදුවනුය‍ේ අප ඉල්ලා සිටින අදාළ වෙබ් පිටු දුරස්ථ පරිගණකයකින් සොයා පරිගණකය තුළට ලබා දීමයි.
       සාමාන්‍යය‍ෙන් අන්තර්ජාලය තුළ විවිධ පරිගණක භාෂාවන්ග‍ෙන් සකසා ඇති වෙබ් පිටු අපට බලා ගත හැකි පොදු තත්වයකට සැකසීම්‍ෙ කාර්යය මෙම බ්‍රවුසරයක් හරහා සිදුව්‍ෙ. 
         Internet Explorer බ්‍රවුසරයට අමතරව තවත් ජනප්‍රිය වෙබ් බ්‍රවුසර් විශාල ප්‍රමාණයක් පවතී

නෙට්ස්ක්‍ෙප් නැවිග‍ේටර්
(Netscape Navigator)

   ලෝකය‍ේ වැඩිය‍ෙන්ම ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරය මෙයයි. එහ‍ෙත් අද වන විට එම ආයතනය තාක්ෂණ සහය ලබා දීම පවා නවතා  දමා තිබ්‍ෙ. එයට හේතුව ඉන්ටර්න‍ෙට් එක්ස්ප්ල‍ෝරර් හී ජනප්‍රියත්වයයි.http://browser.netscape.com

මොසිල්ලා ෆයර් ෆොක්ස්
(Mozilla fire fox)
   වේගය‍ෙන් ජනප්‍රිය වෙමින් එන වෙබ් බ්‍රවුසරය ලෙස සලකනුය‍ේ මෙයයි. අද වන විට ෆයර් ෆෙක්ස් හි සිංහල සංස්කරණයක් ද නිකුත් වී පවතී. 19.03% ක ප්‍රතිශතයක් මෙය භාවිතා කරයි. 

ෆ්ල‍ොක් සමාජ වෙබ් බ්‍රවුසරය
(Flock Social Browser)
   සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකට වඩා වැඩි කාර්යයන් රැසක්ම මෙම බ්‍රවුසරය මඟින් සිදුකර ගත හැක. en.kioskea.net/download/download-501-flock-browser‎


att-pogo web browser
මෙම වෙබ් බ්‍රවුසරය ත්‍රිමාණ (3D) පෙනුම සහිතව නිර්මාණය කර ඇති බ්‍රවුසරයකි. මෙම බ්‍රවුසරය වැඩි වශය‍ෙන්ම ඉලක්ක කර ඇත්ත්‍ෙ වින්ඩ‍ෝස් විස්ටා මෙහ‍ෙයුම් පද්ධතිය භාවිතා කරන්නන්ය.https://torrentz.eu/dde9b7d6d01280375fea30715ad2226fb3a5443f‎

ස්පෙස්ටයිම් බ්‍රවුසරය
(Space Time)
   වෙබ් පිටු ත්‍රිමාණව පෙන්වන වෙබ් බ්‍රවුසරයකි. මෙය සම්පූර්ණය‍ෙන්ම වින්ඩ‍ෝස් විස්ටාහි පෙනුමට සමානව නිර්මාණය කර ඇත. එහෙත් XP තුළ මෙය සාර්ථකව ක්‍රියා කරයි.
  www.spacetime.com වෙබ් අඩවියෙන් මෙය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

සෆරි
(Safari)

අැපල් මැකින්ටොෂ් පරිගණක ඉලක්ක කරගෙන නිර්මාණය වූ මෙම බ්‍රවුසරය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළදී ඉන්ටර්නෙට් එක්ස්ප්ල‍ෝරර් බ්‍රවුසරය ම‍ෙන් දෙගුණයක් වේගය‍ෙන් ක්‍රියාත්මක වෙයි. දැනට ලෝකය‍ේ තුන්වන තැන සිටින්න‍ේ මෙම බ්‍රවුසරයයි. මෙම බ්‍රවුසරය www.apple.comsafari යන වෙබ් අඩවිය‍ෙන් ලබා ගත හැකිය.

ගූගල් ක්ර‍ොම්
(Google Chrome) 
   වේගවත් බවින් වැඩි ග්‍රැෆික්ස් සහ මල්ටිමීඩියා වෙබ් පිටු ඉතා වේගය‍ෙන් ඩවුන්ල‍ෝඩ් කර ගත හැකි වෙබ් බ්‍රවුසරයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 2008 සැප්තැම්බර් මාසය‍ේ දී එළිය දුටු මෙම බ්‍රවුසරය තුළ නිශ්චිත ෆෝම් පේජ් එකක් නැති අතර ඒ වෙනුවට තමන් නිතර යන වෙබ් අබවි වල තම්බ්න‍ෙල් විව් එකකින් එය පිරී පවතී. එය එම වෙබ් අඩවිය වෙත පිවිසීම ඉතා ඉක්මන් වීමට එක් හේතුවකි. 


   ලොව සියලුම වෙබ් බ්‍රවුසරවලට වඩා ආරක්ෂාව අතින් ඉහළම බ්‍රවුසරය මෙය බව එහි නිෂ්පාදකය‍ෝ පවසති. 

No comments:

Post a Comment