Translate

2 May 2014

වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම

අන්තර්ජාලයට වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම
             අන්තර්ජාලය යනු, නිදහස‍ේ වර්ධනය වන්නක් බව මේ වන විට අප දනිමු. එයට සෑම පුද්ගලය‍ෙකුටම අවශ්‍ය ප්‍රකාශ, රෑප, වීඩිය‍ෝ, හඬ පට ආදී බොහ‍ෝ දේ එක් කිරීම්‍ෙ හැකියාව පවතී. 
        අන්තර්ජාලයට රෑප, වීඩිය‍ෝ ක්ලිප් එක්කල හැකි වෙබ් අඩවි බොහ‍ෝ ප්‍රමාණයක් පවතී. 
      මෙම වෙබ් අඩවි වල පවතින විශේෂත්වය වන්න‍ේ ඕනෑම මාතෘකාවක් යටත‍ේ රෑප, වීඩිය‍ෝ අන්තර්ජාලයට එක්කල හැකිවීමත්, අවශ්‍ය මාතෘකා යටත‍ේ රෑප, වීඩිය‍ෝ සොයාගත හැකි වීමත්ය. 
             ජංගම දුරකථන, ඩිජිටල් කැමරා මඟින් ලබා ගනු ලබන ඡායාරෑප හා වීඩිය‍ෝ ක්ලිප් ඉතා පහසුව‍ෙන් අන්තර්ජාලයට එක් කල හැකිව්‍ෙ.
       අන්තර්ජාලය තුළ වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම හා එක් කරනු ලබන වීඩිය‍ෝ ක්ලිප් නැරඹීම්‍ෙ පහසුකම සහිත ජනප්‍රියතම වෙබ් අඩවිය වන්න‍ේ www.youtube.com වෙබ් අඩවියයි. 

       මෙම වෙබ් අඩවියට පිවිසීම සඳහා ද කලින් වෙබ් අඩවිවලට පිවිසීම්‍ෙ දී ගිණුමක් සාදාගත් ආකාරයට මෙහිදී ද ගිණුමක් සාදාගත් යුතුය.
       ඒ සඳහා Youtube වෙබ් අඩවියට පිවිසීමන් පසු එහි ඉහළින් ඇති sign up යන්න click කිරීම‍ෙන් නව ගිණුමක් සාදා ගැනීම සඳහා අවශ්‍ය වින්ඩ‍ෝව ලබා ගත හැකිව්‍ෙ.

            නිවැරදි ලෙස තොරතුරැ ලබා දීම‍ෙන් පසු අපග්‍ෙ ඊ මේල් ලිපිනය තහවුරැ කර ගැනීම සඳහා ලිපිනය ලැබ්‍ෙ. එම ලිපිය ඉක්මනින්ම ලැබ‍ණු බව තහවුරැ කළ යුතුය. එල‍ෙස තහවුරැ කිරීම‍ෙන් පමණක් Youtube ගිණුම සක්‍රීය වේ. 
      අපග‍ේ වීඩිය‍ෝ ක්ලිප් එකක් මෙම වෙබ් අඩවිය තුළට එක් කිරීම සඳහා එකවුන්ට් එක සාදා ගැනීම‍ෙන් පසු Youtube වෙබ් අඩවිය තුළ ඇති uplode යන බොත්තම එබීම‍ෙන් එයට අදාළ වෙබ් පිටුව විවෘත කළ හැකිව්‍ෙ. 

         එහිදී තම වීඩිය‍ෝ එකට අදාළ විස්තර ලබා දීම‍ෙන් පසු පහළින් ඇති uploade a video යන බොත්තම එබිය යුතුය. එවිට ලැබ‍ෙන වින්ඩ‍ෝව මඟින් පරිගණකය තුළ ඇති වීඩිය‍ෝ ෆයිල් සොයා ගත හැකි වන අතර අවශ්‍ය ෆයිල් එක තෝරා ගැනීම‍ෙන් පසු uploade video යන බොත්තම එබීම‍ෙන් එය වෙබ් අඩවියට එක්ව්‍ෙ. ඒ බව දැක්ව‍ෙන වින්ඩ‍ෝවක් මතු වෙයි. 



        මෙම වෙබ් අඩවියට වීඩිය‍ෝ ක්ලිප් එක් කිරීම්‍ෙදී රෑපවාහිනී වල වැඩසටහන් හෝ අනුමැතියකින් තොරව අන් අයග‍ේ වීඩීය‍‍ෝ ක්ලිප් එක් නොකරන ලෙස වෙබ් අඩවිය විසින් දක්වා සිටියි. 
        ඉන් පසු My videos යන විධානය ක්ලික් කර තමන්ග‍ේ වීඩිය‍ෝ ලැයිස්තුව නැරඹිය හැකිය. 
එහිදී වීඩිය‍‍ෝ පටය ධාවනය කිරීම, එඩිට් කිරීම, මකා දැමීම කළ හැකිව්‍ෙ.

No comments:

Post a Comment